வகைப்படுத்தப்படாத

සරම්ප රෝගය තුරන් කළ සිව්වෙනි රට ශ්‍රී ලංකාවයි

(UTV| කොළඹ) – ශ්‍රී ලංකාව සරම්ප රෝගය තුරන් කළ රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම් කර තිබේ.

දකුණු හා ගිනිකොණදිග ආසියා කලාපයේ සරම්ප රෝගය තුරන් කළ සිවුවැනි රට වන්නේ ලංකාවයි.

වත්මන් ලෝකයේ සරම්ප රෝගය වැළදි රෝගීන්ගේ ඉහළ යෑමක් වාර්තාවන අවස්ථාවක ලංකාව සරම්ප රෝගය තුරන් කර ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු හා ගිනිකොණ දිග ආසියා කලාපයේ අධ්‍යක්ෂිකා පූනම් සිං මහත්මිය සඳහන් කරන්නීය.

ශ්‍රී ලංකාවේ සරම්ප රෝගියෙක් අවසන් වශයෙන් වාර්තා වී ඇතේතේ 2016 වසරේ මැයි මාසයේදීය.

මීට පෙර භූතානය, මාලදිවයින හා නැගෙනහිර ටිමෝර්ය මෙම කලාපය තුළ සරම්ප රෝගය තුරන් කළ රටවල් ලෙස නම්කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කේරල ගංජා තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

පුරප්පාඩු ඇති ජාතික පාසල් විදුහල්පති තනතුරු සම්පූර්ණ කිරීමට පියවර

உலகிலேயே மிக உயரமான சர்தார் வல்லபாய் படேல் சிலையை திறந்து வைத்த மோடி