வகைப்படுத்தப்படாத

ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමනය සීමා කෙරේ

(UTV| කොළඹ) – මීටියාගොඩ පොලිස් වසමේ තෙල්වත්ත ඓතිහාසික පුරාණ තොටගමුව රන්පත් විහාරස්ථානයේ වාර්ෂික පෙරහැර මෙම මස 13 දින ආරම්භ වීමට නියමිත බැවින් ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමනය සීමා කර තිබේ.

පෙරහැර ගමන් කරන කාල සීමාව තුළ තෙල්වත්ත හන්දිය සිට සීනිගම දේවාලය දක්වා ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමනය සීමා කිරීමක් සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

ඒ සඳහා විකල්ප මාර්ග ලෙස කොළඹ සිට ගාල්ල දෙසට ගමන් කරන මීටියාගොඩ පොලිස් වසමේ කහව හන්දියෙන් වමට හරවා මීටියාගොඩ, කිරලගහවෙල, අලුත්වල, සරණ හන්දියෙන් දකුණට හැරී ගෝනාපීනුවල ඔස්සේ කුමාරකන්ද හන්දියට පැමිණ ගාල්ල දෙසට ගමන් කළ හැකි මාර්ගය භාවිතා කළ හැක.

ගාල්ල සිට කොළඹ දෙසට ගමන් කරනු ලබන වාහන ගාලු පාරේ එක් මං තීරුවක කොළඹ දෙසට ගමන් කළ හැක.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

Over 500,000 people at Enterprise Sri Lanka; Exhibition ends today

ஜனாதிபதி தலைமையில் முப்படையினரின் தொழிற் பங்களிப்புடன் மேற்கொள்ளப்பட்டுவரும் அபிவிருத்தி செயற்திட்டங்களின் முன்னேற்ற மீளாய்வு

எஸ்.எம் சந்திரசேன காவற்துறை நிதி மோசடி குற்றத்தடுப்பு பிரிவில் முன்னிலை