வகைப்படுத்தப்படாத

එංගලන්තය සහ නවසිලන්තය සමඟින් 2019 ලෝක කුසලාන තරගාවලිය අදයි

(UTV| කොළඹ)  – 2019 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය අද (14) ලන්ඩන් හී ලෝඩ්ස් ක්‍රිඩාංගණයේදි පැවැත්වීමට නියමිතයි.

සති හයක් පුරා තරඟ 47 කින් තරඟ මාලාවකින් පසු මෙවර ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයට පිවිසෙන්නේ සත්කාරක එංගලන්තය සමගින් නවසිලන්තයයි.

එංගලන්තය අවසන් වරට ලෝක කුසලාන අවසන් මහා තරගයකට සුදුසුකම් ලැබුවේ වසර 28 කට පෙර එනම් 1992 වසරේදියි.

අද පැවැත්වෙන අයි.සී.සී. ලෝක කුසලාන අවසන් මහා තරගයේදී පිටියේ ප්‍රධාන විනිසුරුවෙකු ලෙස කුමාර් ධර්මසේන කටයුතු කරන අතර, තරගයේ ප්‍රධාන තීරකයා වන්නේ අයි.සී.සී. ප්‍රධාන තීරක ශ්‍රී ලංකාවේ රන්ජන් මඩුගල්ලයි.

ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3ට තරගය ආරම්භ වීමට නියමිතයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

செல்பி எடுக்க முயன்ற கல்லூரி மாணவர்களின் நிலை…

ஹங்வெல்லயில் இடம்பெற்ற பதறவைக்கும் கொள்ளை

තලවකැලේ නගරයේ වෙළඳසැල් හදිසි පරීක්‍ෂාවකට