வகைப்படுத்தப்படாத

රක්ෂිත බන්ධනාගරගතව සිටි වෛද්‍ය ශාෆි ෂියාබ්දීන් ඇප මත මුදාහැරේ

(UTV| කොළඹ) – රක්ෂිත බන්ධනාගරගතව සිටි කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය ශාෆි ෂියාබ්දීන් මහතා මීට ස්වල්ප වේලාවකට පෙර ඇප මත මුදා හැරීමට කුරූණෑගල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

ඒ විත්තියේ නීතීඥවරුන් කල ඇප ඉල්ලීම සැළකිල්ලට ගනිමින් ඊට අදාළ නඩුව කුරුණෑගල මහේස්ත්‍රාත්  සම්පත් හේවාවසම් හමුවේ විභාගයට ගත් අවස්ථාවේදීයි.

කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කලේ වෛද්‍ය සාෆි ෂිහාබ්දීන්ව රුපියල් ලක්ෂ දෙකහමාරක මුදල් ඇපයක් සහ ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප 04 ක් මත මුදා හරින ලෙසයි.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා සඳහන් කලේ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් ශාෆි ශියාබ්දීන් මහතාට එරහිව විමර්ශනයක් ආරම්භ කිරීමට මෙතෙක් ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවයි.

මීට අමතරව සෑම ඉරිදාවකම උදෑසන 9ත් සවස 4ත් අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට ද ඔහුට නියෝග කර තිබෙන අතර මෙම නඩුව අගෝස්තු 09 වැනිදා යළි කැඳවීමට නියමිතයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

உலகின் மிகப் பெரிய பணக்காரர் விவாகரத்து இழப்பீடாக 35 பில்லியன் அமெரிக்க டாலர்கள் கொடுக்க ஒப்பு

පී. හැරිසන්ගේ සහ රංජිත් මද්දුමගේ අමාත්‍ය ධුර සංශෝධනයක්

முன்னாள் பிரதமர் நஜீப் ரசாக் கைது