வகைப்படுத்தப்படாத

ඇවන්ගාඩ් සිද්ධියට සම්බන්ධ තිදෙනා යලි රිමාන්ඩ්

(UTV|ගාල්ල) – ගාල්ල වරාය ආසන්න මුහුදේ ඇවන්ට්ගාඩ් නෞකාවේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාම සම්බන්ධ නඩුව අද(19) ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගැනුණි.

එහි ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා හමුවේ විභාගයට ගත් අවස්ථාවේ නඩුවේ 4 සැකකාර වික්ටර් සමරවිර , 5 සැකකාර පාලිත වඩුගේ පියසිරි ප්‍රනාන්දු, සහ 6 සැකකාර කරුණාරත්න බණ්ඩා අධිකාරි එගොඩවෙල යන තිදෙනා අගෝස්තු 2දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරිමට නියෝග කළේය.

වික්ටර් සමරවිර නමැති සැකකරු ඉකුත් 8වනදින අධිකරණයට බාරවිමෙන් පසු අද දක්වා රිමාන්ඩ් කරන ලද අතර ඔහු මේ වනවිට කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන බව ඔහු වෙනුවෙන් පෙනි සිටින නිතිඥවරිය අධිකරණයට දැනුම් දී තිබේ.

අපරාධ පරික්ණ දෙපාර්තමේන්තු විසින් අත් අඩංගුවට ගන්නා ලද පොලිස් කොමිසමේ ලේකම් සමන් දිසානායක නමැති සැකකරු මේ වනවිට  දැනට ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබන බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියේය.‍

සමන් දිසානායක වෙනුවෙන් පෙනි සිටි නිතිඥවරුන් අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ ඔහු රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන්නේ නම් ජයවර්ධන පුර රෝහලේම නතරව ප්‍රතිකාර ලබා ගැනිමට ඉඩ දෙන ලෙසය.එහිදි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව රෝහලට ගොස් විමර්ශණය කරන ලෙස ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයවෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේය.

ගාල්ල වරාය ආසන්නයේ ඇවන්ට් ගාඩ්  නෞකාවේ පවත්වාගෙන ගිය  පාවෙන අවි ගබඩාව 2015 ඔක්තෝබර් 15 වනදින අපරාධ පරික්ෂණ දෙපාර්තමෙන්තුව විසින් අත් අඩංගුවට ගෙන ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

நிலநடுக்கம் – 5.2 ரிக்டரில் பதிவு

பிரதமர் மோடிக்கு அமெரிக்க ஜனாதிபதி டிரம்ப் வாழ்த்து

ரஷ்யாவில் கடும் நிலநடுக்கம்