வகைப்படுத்தப்படாத

පාසැල් මලල ක්‍රීඩා උළෙල සාර්ථක කරගැනීමට සමපෝෂ සවිබලය

(UTV| කොළඹ) – CBL සමාගමේ පුර්ණ අනුබද්ධිත ප්ලේන්ටී ෆුඞ්ස් සමාගමේ ප‍්‍රමුඛතම නිෂ්පාදනය වන මෙරට ජනප‍්‍රියම ධාන්‍යමය ආහාරය සමපෝෂ, සවිබල ගැන්වීමෙන් ඌව, උතුරු මැද, නැගෙනහරි සහ වයඹ පළාත් හතරෙහි පවත්වනු ලබන ‘‘2019 පාසල් මලල ක‍්‍රීඩා උළෙල’’ අද (08)  ආරම්භ වේ.

මේ පිලිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ උත්සවය පසුගියදා කොළඹ ගෝල්ෆේස් හෝටලයේදී පැවැත්වුණි.

සමපෝෂ පූර්ණ අනුග‍්‍රාහකත්වය සහිතව පළාත් අධ්‍යාපන කාර්යාල හා එක්ව සංවිධානය කරනු ලබන මෙම ක‍්‍රීඩා උළෙල හතර පළාත් හතරෙහි වෙන් වෙන් වශයෙන් ජූලි මාසය පුරාවටම පැවැත්වෙයි.

මෙහිදී තරඟ ඉසව් 70කට අධික සංඛ්‍යාවක් සඳහා සමස්ත පළාත් හතරහිම පාසල් 500කට අධික ප‍්‍රමාණයක් නියෝජනය කරමින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 8000කට අධික සංඛ්‍යාවක් සහභාගී වීමට නියමිතව ඇත. ජයග‍්‍රාහී පාසල් සහ ක‍්‍රීඩක ක‍්‍රීිඩිකාවන් වෙනුවෙන් කුසලාන, සහතික පත‍්‍ර හා පදක්කම් පිරිනමනු ලබයි.

ඌව පළාත් ක‍්‍රීඩා උළෙල මෙහි පළමු ක‍්‍රීඩා උළෙල ලෙස අද (08) සිට ජුලි 11 වනදා දක්වා බදුල්ල වින්සන් ඩයස් ක‍්‍රීඩාංගනයේදී පැවැත්වෙන අතර උතුරු මැද පළාත් ක‍්‍රීඩා උළෙල ජුලි 11 වනදා සිට ජුලි 14 වනදා දක්වා අනුරාධපුර මහජන ක‍්‍රීඩාංගනයේදී පැවැත්වෙයි.

තෙවන ක‍්‍රීඩා උළෙල වන වයඹ පළාත් ක‍්‍රීඩා උළෙල ජුලි 17 වනදා සිට ජුලි 20 වනදා දක්වා වෙන්නප්පුව ඇල්බර්ට්. එෆ්. පීරිස් ක‍්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිත බවත් සිව්වන සහ අවසන් ක‍්‍රීඩා උළෙල වන නැගෙනහිර පළාත් උළෙල ජුලි 24 වනදා සිට 28 වනදා දක්වා කන්තලේ ලීලාරත්න ක‍්‍රීඩාංගනයේදී පැවැත්වෙන බවත් පැවසේ.

වසර 10ක් පුරා පවත්වනු ලබන අන්තර් පාසල් පාපන්දු තරඟාවලිය, කන්ද උඩරට සිගිති හා කනිෂ්ඨ මලල ක‍්‍රීඩා උළෙල, යුද හමුදා මලල ක‍්‍රීඩා උළෙල වැනි දැවැන්ත ක‍්‍රීඩා සත්කාරයන් සිදු කරමින් මෙරට ක‍්‍රීඩාවට සමපෝෂ විසින් ජාත්‍යන්තර මට්ටමේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් බිහි කිරීමේ ජාතික වගකීම ඉටු කරමින් සිටියි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

கென்யாவில் விமான விபத்து – 5 பேர் உயிரிழப்பு

விளையாட்டு மைதானம் வெட்ட இடம் கொடுக்க மறுத்த பொகவந்தலா ஆல்டி தோட்ட நிர்வாகத்திற்கு எதிராக ஆர்பாட்டம்

குப்பை அகற்றும் பணிகளை விரிவுபடுத்த நடவடிக்கை