(UTV|මහනුවර) – පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කල තේරීම් කාරක සභාව හමුවේ යළිත් පෙනී සිටීම ගැටළුවක් නොවන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පවසයි.
නමුත් යළිත් වරක් කැඳවීම සම්බන්ධයෙන් තමන්ට මෙතෙක් නිල වශයෙන් දැනුම්දීමක් කර නොමැති බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය.
මහනුවර ශ්‍රී දළදා පෙරහරේ භාවිතය සඳහා යුද හමුදාව වාර්ෂිකව සිදුකරනු ලබන කොප්පරා පූජා කිරීමේ අවස්ථාවට අද පෙරවරුවේ එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදින් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් යුද්ධහමුදාපතිවරයා මේ බව පැවසීය.
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]