வகைப்படுத்தப்படாத

කසළ ආනයනය කරන පුද්ගලයන්ට එරෙහිව අපරාධ චෝදනා යටතේ නඩු – මංගල සමරවීර

(UTV| කොළඹ) – මහා බ්‍රිතාන්‍යයේ සිට මෙරටට කසළ ආනයනය කරන ලද පුද්ගලයන්ට එරෙහිව දඩ පැනවීම ප්‍රමාණවත් නොවන ‍හෙයින් අපරාධ චෝදනා යටතේ නඩු පැවැරීම සඳහා නීති උපදෙස් ලබා ගන්නා බව මුදල් ඇමැති මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (26) ප්‍රකාශ කරයි.

මෙරටට කසළ ගෙන්වීම සම්බන්ධයෙන් මහා බ්‍රිතාන්‍යය ද මේ වන විට පරීක්ෂණයක් සිදු කරන අතර, කසළ ආනයනය කරන ලද රට වෙතම ප්‍රති අපනයනය කරන ලෙස අදාළ පාර්ශ්ව වෙත ‍නියෝග කර ඇති බවත් ඇමැතිවරයා අවධාරණය කළේය.

සායනික අපද්‍රව්‍ය ඇතුළු මේ කසළ ආනයනය ජාතික අපරාධයක් බවත් මේවායෙහි වටිනාකම මෙන් තුන් ගුණයක දඩ මුදලක් අය කිරීම සිදු කරන බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

අමාත්‍ය මංගල සමරවීර මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ස්ථාවර නියෝග 27/2 යටතේ මීට ඉහත දී මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

එහි දී වැඩි දුරටත් අදහස් දැක් වූ ඇමැති මංගල සමරවීර මහතා සඳහන් කළේ මේ කසළ තොගය ගෙන්වූයේ කෙසේද යන්න සොයා බලා විධිමත් පරීක්ෂණයක් සිදු කර දඬුවම් ලබාදෙන බවයි.

එමෙන්ම රේගු ආඥා පනත යටතේ මේ දඬුවම් ලබාදීම සිදු කරන අතර, පවතින නීති ප්‍රමාණවත් නොමැතිනම් නීති සංශෝධනය කරමින් හෝ උපරිම දඬුවම් ලබාදීමට කටයුතු කරන බව ද ඇමැතිවරයා කීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

මත්ද්‍රව්‍ය භාවිත කරමින් ෆේස්බුක් සාදයක් පවත්වන්නට ගිය පිරිසක් අත්අඩංගුවට

346 பேர் உயிரிழந்தமைக்கு போயிங் நிறுவன தலைமை செயல் அதிகாரி மன்னிப்பு கோரினார்

விழிநீர் அஞ்சலிக்கு தயாராகிறது கனகபுரம் மாவீரர் துயிலுமில்லம்