வகைப்படுத்தப்படாத

උතුරුදිග පිලිපීනයේ භූ කම්පන දෙකක්

(UTV| පිලිපීනය) – උතුරුදිග පිලිපීනයේ දිවයින් කේන්ද්‍ර කොටගෙන අද (27) අලූයම භූ කම්පන දෙකක් සිදුව තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

එම භූ කම්පන රික්ටර් පරිමාණයේ 5.4ක සහ 5.9ක ප්‍රබලතාවයන්ගෙන් යුක්ත බවයි ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කළේ.

පළමු භූ කම්පනය බටේනස් දිවයින් හි  ජනතාව නින්දේ පසුවන අවස්ථාවක සිදුව ඇති අතර, ඉන් පැය 4කට පමණ පසුව දෙවන භූ කම්පනය වාර්තා විය.

භූ කම්පනයෙන් නිවාස රැසකට හානි සිදුවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරේ.

පුද්ගලයන් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති අතර තවත් 60කට වැඩි පිරිසක් තුවාල ලබා තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

கேரளாவில் எலி காய்ச்சலுக்கு பலியானோர் எண்ணிக்கை 74-ஆக உயர்வு

இத்தாலியில் பாலமொன்று இடிந்து வீழ்ந்ததில் 26 பேர் பலி

குருநாகல் – குளியாப்பிட்டி வைத்தியசாலை தரமுயர்த்தப்படவுள்ளது