පසුගිය මැයි මස 13 වනදා මිනුවන්ගොඩ නගරයේදී කලහකාරී ලෙස හැසිරුනු චෝදනා මත රක්ෂිත බන්ධනාගාරයේ පසුවු සැකකරුවන් තුන් දෙනෙකු මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් කේසර සමරදිවාකර මහතාගේ නියෝගය මත ඇප මත මුදා හැර තිබේ.
එහිදී එක් සැකකරුවෙකුට රුපියල් ලක්ෂය බැගින් වු ශරීර ඇප නියම කෙරුණු අතර සැකකරුවන් 3 දෙනාට ලබන ඔක්තෝබර් 16 වනදා නැවත අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියම කර ඇත.
මෙම කළහකාරි සිදුවීම්වලට අදාලව මීට පෙර ඇප මත මුදා හැරුණු තවත් සැකකරුවන් 18 දෙනෙකුද ඊයේ (17) මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටියේය.
ඔවුන් සියලු දෙනාට ලබන සැප්තැම්බර් 04 වනදා යළි අධිකරණයට ඉදිරිපත්වන ලෙස මහේස්ත්‍රාත්වරයා නියම කර ඇති අතර සැකකරුවන්ට එරෙහිව සාක්ෂි ඇත්නම් එදිනට චෝදනා ගොණු කරන්නැයිද මහේස්ත්‍රාත්වරයා නියම කර තිබේ.