வகைப்படுத்தப்படாத

FaceApp එකෙන් වයසට ගිය අයට අනතුරු ඇඟවීමක්

(UTV| කොළඹ) – මේ දිනවල face book සමාජ මාධ්‍ය ජාලයේ නවතම FaceApp රැල්ලත් සමඟ පරිශීලකයන්ගේ දත්ත අනතුරට ලක්ව ඇති බව තොරතුරු තාක්ෂණ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

#AgeChallenge (#FaceAppChallenge) සමාජ මාධ්‍ය අඩවිවල ලැව්ගින්නක් සේ පැතිර යන බවත්, සෑම පරිශීලක යෙකුම එය රැල්ලකට සිදුකරමින් සිටින බවත් එම නිවේදනයේ දැක්වේ.

මෙම යෙදුම හට ජනප්‍රියතාවය හදිසියේ වැඩිවීමත් සමඟ එම යෙදුම භාවිතා කරන පරිශීලකයන්ගේ දත්ත ආරක්ෂා කරමින් පරිශීලකයන්ගේ පෞද්ගලිකත්වය රැකගැනීමට යෙදුම නිර්මාණය කරන ලද පිරිස් කටයුතු කරන්නේද යන්න පිළිබඳ නව ප්‍රශ්න මතු වී ඇති බව තොරතුරු තාක්ෂණ සංගමය පෙන්වා දෙයි.

විශේෂයෙන්ම තමන්ගේ ජංගම දුරකතනයේ ඇති සියලුම චායාරූප එම යෙදුම නිර්මාණය කළ පුද්ගලයන් වෙත ලබාගත හැකිද යන්න පිළිබඳව මේ වන විට විශාල ගැටලුවක් පවතින බව එම සංගම පවසයි.

මෙම යෙදුම පිළිබඳව ප්‍රශ්න සියල්ලම ආරම්භ වී ඇත්තේ මෙම යෙදුම නිර්මාණය කිරීමට කටයුතු කළ පුද්ගලයෙක් මෙම යෙදුම භාවිතා නොකරන ලෙස ට්විටර් පණිවිඩයක් හරහා ට්විටර් පරිශීලකයින්ට අවවාද කිරීම  හේතුවෙනි.

මෙම යෙදුම නිර්මාණය කල පිරිස් පෞද්ගලික ප්‍රතිපත්ති මාලාවන් හිදී එම යෙදුම භාවිතා කරන පරිශීලකයන් විසින් ඔවුන්වෙත යොමු කරන ලද ඡායාරූප කොපමණ කාලයක් රඳවාගෙන සිටිනවාද යන්න පිළිබඳව සටහන් කිරීමට අපොහොසත් වී ඇති බව තොරතුරු තාක්ෂණ සංගමය පෙන්වා දෙයි.

ඊට අමතරව මෙම යෙදුම ස්ථාපනය කර ඇති ජංගම දුරකනයේ පවතින ඡායාරූපවලට පරිශිකයාගේ අනුදැනුමකින් තොරව පිවිසීමට හැකියාවක් ඇතැයි නවතම සොයාගැනීම්වලින් හෙළිවී ඇති බව තොරතුරු තාක්ෂණ සංගමය සඳහන් කරයි.

මේ නිසා ඔබගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරගැනීමට මෙවැනි යෙදුම් රැල්ලට භාචිතා නොකරන මෙන්  තොරතුරු තාක්ෂණ සංගමය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

உலகையே யோசிக்க வைத்த இராட்சத உயிரினம்: மர்மம் விலகியது (காணொளி)

கல்விச் சான்றிதழ்களுக்கு சர்வதேச அங்கீகாரத்தை மேலும் உறுதிப்படுத்த நடவடிக்கை

முன்னாள் நீதியரசர் மொஹான் பீரிஸ் உள்ளிட்ட மூவருக்கு அழைப்பாணை