வகைப்படுத்தப்படாத

2019 අවසාන චන්ද්‍රග‍්‍රහණය හෙට

(UTV| කොළඹ) – මේ වසරේ අවසාන චන්ද්‍රග‍්‍රහණය සහ අර්ධ චන්ද්‍රග‍්‍රහණයක් හෙට (16) දිනයේදී ශ්‍රී ලාංකිකයන්ට දැක බලාගැනීමේ අවස්ථාව උදාවන බව කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා සදහන් කළේය.

මෙම අර්ධ චන්ද්‍රග‍්‍රහණය ශ‍්‍රී ලංකාවට මෙන්ම ඕස්ට්‍රේලියාව, අප‍්‍රිකාව, දකුණු ඇමෙරිකාවට, යුරෝපය සහ ආසියාවේ බොහෝ රටවලටත් දිස්වන බවද චන්දන ජයරත්න මහතා පැවසීය.

මෙම චන්ද්‍රග‍්‍රහණය හෙට (16) මධ්‍යම රාත‍්‍රිය ගෙවී එනම් 17 වැනිදා අලුයම 12.13 ට පමණ දිස්වෙන අතර , එය චන්ද්‍රයා පෘථිවියේ උපචයාවට (අඩ අඳුරු සෙවනැල්ලට) ඇතුළුවීමත් සමඟ ආරම්භ වන බවද හෙතෙම පැවසීය.

චන්ද්‍රයා ඉවත්වීමත් සමග 17 වැනිදා අලුයම 5.47 ට චන්ද්‍රග‍්‍රහණය අවසන් වන බවද මහාචාර්ය චන්දන ජයරත්න මහතා සඳහන් කළේ ය.

අර්ධ චන්ද්‍රග්‍රහණය පියවි ඇසට දක්නට ලැබෙන්නේ 17 වැනිදා අලුයම 1.31 සිට අලුයම 4.29 දක්වා වන අතර උපරිම ග‍්‍රහණ අවස්ථාව අලුයම 3.00 ට දක්නට ලැබේ.

මේ දිනවල අහසේ ඉතා දීප්තිමත්ව බැබළෙන යෝධ ග‍්‍රහලෝක දෙකක් වන බ‍්‍රහස්පති සහ සෙනසුරු ග‍්‍රහනයන්ද මෙම අවස්ථාවේදී චන්ද්‍රයාට ඉතාම ආසන්නව පිහිටන බවත්, එබැවින් මෙදින දුර්ලභ ආකාශ වස්තු දැකගත හැකි බවත් මහාචාර්යවරයා ප‍්‍රකාශ කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

சிரிய ஜனாதிபதி கிழக்கு கௌட்டாவிற்கு விஜயம்

அசாத் சாலியை வென்றால் ரோசிக்கு வாசி

முன்னணி வயலின் வித்துவான் ருவன் வீரசேகர காலமானார்