வகைப்படுத்தப்படாத

නිවසේ දීම ස්වයංක්‍රීයව ක්‍රියාත්මක කළ හැකි කාන්දුපෙරණ යන්ත්‍රයක්

(UTV| කොළඹ) – හේතුව නොදත් නිදන්ගත වකුගඩු රෝගය සහ නිදන්ගත වකුගඩු රෝගීන් සදහා නිවසේ දී කාන්දුපෙරීම (Home Dialysis) හදුන්වාදීමට කටයුතු යොදා ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

2019 ජාතික අයවැය ලේඛණය ඉදිරිපත් කිරීමේ දී නිදන්ගත වකුගඩු රෝගයේ බරපතලතාවය පිළිබද සදහන් කරමින් නිවසේ දී ස්වයංක්‍රීයව ක්‍රියාත්මක කළ හැකි කාන්දුපෙරණ යන්ත්‍ර  ලබාදීම සදහා රුපියල් මිලියන 500 ක මුදලක් වෙන්  කර ඇත.

ඒ අනුව එම යන්ත්‍ර ලබාගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බවත් මෙම වසරේ දී මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට තීරණය කර ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කළේය.

මෙම ස්වයංක්‍රීය කාන්දුපෙරණ ක්‍රීයාවලිය නිවසේ දී වඩාත් ආරක්ෂාකාරීව සිදුකර ගත හැකිවීම, මෙම වැඩසටහන මගින් පැය 24 පුරාම ඇමතුම් මධ්‍යස්ථාන සහ සේවා මධ්‍යස්ථාන මගින් ක්‍රියාත්මක වන වෛද්‍ය කණ්ඩායම්වල සහාය ලබාගැනීම, රෝගියාට ප්‍රතිකාර කරන අතරවාරයේ දී ජීව විද්‍යාත්මක වෛද්‍ය උපකරණ මගින් සෘජුවම රෝගියාගේ තත්ත්වය නිරීක්ෂණය කිරීමට වෛද්‍යවරුන්ට හැකිවීම, සෘජුවම දුරස්ථ පාලක ක්‍රමයක් මගින් යන්ත්‍රයට ප්‍රවේශ වී ප්‍රතිකාර නියම කිරීමේ හැකියාව, සිංහල, ඉංග්‍රීසි සහ දෙමළ භාෂා තුනෙන් ම රෝගියට යන්ත්‍රය සමග සන්නිවේදනය කිරීමේ හැකියාව වැනි ප්‍රධාන අංශ මෙම ව්‍යාපෘතියට ඇතුලත් වෙයි.

මෙම රුධිර කාන්දුපෙරණ ක්‍රියාවලිය රෝගියාගේ ජිවිත කාලය දිගු කරන වඩාත් කාර්යක්ෂම හා ඵලදායි ක්‍රමයක් ලෙස සායනික අධ්‍යයනයන් මගින් තහවුරු කර ඇති අතර එක් රෝගියෙකු සදහා එක් මසකට රුපියල් 103740.00 ක් වැය වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

எலியிலிருந்து பரவும் புதிய ஆட்கொல்லி வைரஸ்

ஆசிய, ஆபிரிக்க நாடுகளில் 90 வீதமான உயிரிழப்புக்கள் அசுத்தக் காற்றை சுவாசிப்பதால் இடம்பெறுகின்றன

සහනදායී ණය පහසුකම් ලබාගැනීමේදී කුඩා කර්මාන්තකරුවන්ට ගැටළු රැසක්.