வகைப்படுத்தப்படாத

ඇමෝනියා කිලෝ 150ක් ප්‍රවාහනය කළ පුද්ගලයන් සිව් දෙනෙක් අත්අඩංගුවට

(UTV| කොළඹ) – රත්නපුර ප්‍රදේශයේදී පොලීසිය සිදුකළ වැටලීමකට අනුව නීතිවිරෝධී ලෙස ඇමෝනියා රසායනිකය කිලෝග්‍රෑම් 150 කට අධික ප්‍රමාණයක් බස් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් සිව් දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් තිදෙනෙක් එම බස් රථයේ රියදුරා සහ සහයකයින් දෙදෙනෙකු බවත් පොලිසිය පවසයි.

සැකකරුවන්ගෙක් සිදුකරන ලද ප්‍රකාශවලදී ඔවුන් පවසා ඇත්තේ ගල් කොරියකට අදාළ ඇමෝනියා තොගය ප්‍රවාහනය කළ බවයි.

නමුත් ඊට අදාළ බලපත්‍ර එම අවස්ථාවේ ඔවුන් සතුව තිබී නොමැති බව පොලීසිය ප්‍රකාශ කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මෙරට මරණ දඩුවමට එරෙහි පෙත්සමට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්

பாதிக்கப்பட்ட பிரதேசங்களுக்கு விசேட வைத்தியக்குழு

ஐ.எஸ். பயங்கரவாத இயக்க தலைவரின் மகன் போரில் பலி