(UTV | කොළඹ) – සැප්තැම්බර් මාසය වන විට මෙවර සාමාන්‍ය පෙළ සිසුන්ගේ සියලු ජාතික හැඳුනුම්පත් නිකුත් කර අවසන් කරන බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.
මේ වනවිට අයදුම්පත්වලින් 90 % ක් පමණ ලැබී ඇති බවත් , සාමාන්‍යයෙන් වසරකට සාමාන්‍ය පෙස සිසුන් වෙනුවෙන් ජාතික හැඳුනුම්පත් තුන් ලක්ෂ පනස් දහසකට ආසන්න සංඛ්‍යාවක් නිකුත් කරන බවත් එහි කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා කියා සිටියේය.