வகைப்படுத்தப்படாத

පාසැල් ළමුන් අටදෙනෙකු ප්‍රවාහනක කල ත්‍රිරෝද රථයක් අනතුරට

(UTV|මහනුවර) – පාසල් ළමුන් ප්‍රවාහනය කරමින් තිබු ත්‍රිරෝද රථයක් අනතුරට පත්ව තිබේ.

අද(02) උදැසන 7.30 පමණ නාවලපිටිය හපුගස්තලාව ප්‍රධාන මාර්ගයේ හපුගස්තලාව මුස්ලිම් විදුහලට ආසන්නයේදී  ත්‍රිරෝද රථය අනතුරට පත්ව ඇත.

එම ත්‍රිරෝද රථය අනතුරට පත්වන අවස්ථාවේ එහි පාසල් සිසුන් 8 දෙනෙකු සිට ඇති බවයි.

එම ත්‍රිරෝද රථයේ රියදුරා බරපතළ ලෙස තුවාල ලබා නාවලපිටිය මුලික රෝහල වෙත ඇතුළත් කර ඇති බව නාවලපිටිය පොලීසිය පවසයි.

හපුගස්තලාව අක්කර 10 ප්‍රදේශයේ අතුරුමාර්ගයක සිට අධික වේගයෙන් ධාවනය වි ඇති ත්‍රිරෝද රථය ප්‍රධාන මාර්ගයට ඇතුළු කිරීමත් සමඟ ත්‍රිරෝද රථය වේගය පාලනය කර ගත නොහැකිව ත්‍රිරෝද රථය ප්‍රධාන මාර්ගය අභියස තිබු කාණුවක් මතට පෙරළීමෙන් මෙම අනතුර සිදු වි ඇති බව අනතුර පිළිබඳව පරික්ෂන පවත්වන නාවලපිටිය පොලිසිය සඳහන් කළේය.

අනතුරෙන් හපුගස්තලාව මුස්ලිම් පාසලේ 1 වසරේ සිට 3 වසර දක්වා  අධ්‍යාපනය ලබන සිසුන් පස් දෙනෙකු සහ සිසුවියන් තිදෙනෙකු සිටින බවත්,ඔහුන් අවුරුදු 7 ත් 8 ත් වයස් කාණ්ඩවල පසුවන අය බව පොලිසිය පැවසුවේය.

තුවාල ලැබු සිසුවෙක් වැඩි දුර ප්‍රතිකාර සඳහා මහනුවර ශික්ෂන රෝහල වෙත මාරු කර යවා ඇත.

අනතුර සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන නාවලපිටිය පොලිසිය පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පූජිත් ජයසුන්දර සහ හේමසිරි ප්‍රනාන්දු මහේස්ත්‍රාත් අධිකරණයට

Army Intelligence Officer arrested over attack on Editor

පාසැල් පළමු වාරය අගෝස්තු 01 වෙනිදා අවසන් – දෙවැන වාරය සැප්තම්බර් 02 ආරම්භ වේ