வகைப்படுத்தப்படாத

ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියේ අවසන් දින මහා සමුළුව අද ජනපති ප්‍රධානත්වයෙන්

(UTV| කොළඹ) – මතින් නිදහස් රටක් ගොඩනැඟීම සඳහා ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ මඟපෙන්වීමෙන් ක්‍රියාත්මක කර ඇති මත්ද්‍රව්‍ය මර්දන වැඩසටහන තවදුරටත් ශක්තිමත් කරමින් පසුගිය 23 වන දා ආරම්භ කළ ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතිය ඊයේ(30) දිනයෙන් අවසන් විය.

මෙහි ප්‍රධාන සමුළුව අද (01) පෙරවරුවේ කොළඹ සුගතදාස ක්‍රිඩාංගණයේ දී පැවැත්වෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි.

ජූනි 26 වන දාට යෙදුණු මත්ද්‍රව්‍ය භාවිතය හා නීති විරෝධි ප්‍රවාහනයට එරෙහි ජාත්‍යන්තර දිනයට සමගාමීව ජනාධිපතිතුමාගේ මගපෙන්වීමෙන් පාසල් දරුවන්, විශ්විවිද්‍යාල සහ වෘත්තීය අධ්‍යාපනය ලබන සිසුන් මෙන්ම පොදු ජනතාව ඉලක්ක කර ගනිමින් දීප ව්‍යාප්තව ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතිය ක්‍රියාවටය නැංවිණි.

සතියේ පළමු දිනය වූ ජූනි 24 වන දා පාසල් සිසුන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහන් ද, ජූනි 25 වන දා ප්‍රජා සංවිධාන මුලික කරගත් වැඩසටහන් ද, ජූනි 26 වන දා රාජ්‍ය ආයතන සඳහා වූ වැඩසටහන් ද, ජූනි 27 වන දා ආරක්ෂක අංශ විසින් ක්‍රියාත්මක කළ වැඩසටහන් ද, ජූනි 28 වන දා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන් පුනරුත්ථාපනය සඳහා වූ වැඩසටහන් ද, ජූනි 29 වන දා විශ්වවිද්‍යාල සිසුන් ඉලක්ක කරගත් වැඩසටහන් ද, අවසන් දිනය වන අද දින රාජ්‍ය සේවයේ නියුතු ක්ෂේත්‍ර නිලධාරින් දැනුවත් කිරීම සඳහා වූ වැඩසටහන් ද දීප ව්‍යාප්තව සංවිධානය කර තිබිණි.

පා ගමන්, දැනුවත් කිරීමේ වැඩසටහන්, සම්මන්ත්‍රණ, දේශන චිත්‍ර සහ පෝස්ටර් තරඟ ඇතුළු වැඩසටහන් රැසක් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක වූ අතර එම සියලු වැඩසටහන් සඳහා ඉහළ ජනතා සහභාගිත්වයක් දක්නට ලැබීම විශේෂත්වයකි.

මේ අතර මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකාය, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය හා ශ්‍රී ලංකා පොලිසිය එක්ව මත්ද්‍රව්‍ය භාවිතයේ ව්‍යාප්තිය පිළිබඳ ජාතික සමීක්ෂණ වාර්තාවක් ද පිළියෙළ කළ අතර එම වාර්තාව හෙට පැවැත්වෙන සමුළුවේ දී ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීමට නියමිතය.

ජනාධිපතිතුමාගේ ඝෘජු මැදිහත්වීමෙන් ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහන තුළින් 2015 වර්ෂයේ සිට 2019 වර්ෂය දක්වා කාල සීමාව තුළ මත්ද්‍රව්‍ය ආශ්‍රිත වැරදි සඳහා අත්අඩංගුවට ගැනීම් සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ට ප්‍රතිකාර හා පුනරුත්ථාපන සේවාවන්ට ඇතුළත්වීම ආශ්‍රීත විවිධ ජයග්‍රහණ රැසක් සපුරාගෙන තිබේ.

මෙම ඉලක්ක සපුරා ගැනීමේ දී ගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් සමුළු 14ක් පවත්වා තිබෙන අතර, දිස්ත්‍රික් ප්‍රාදේශීය, ග්‍රාමීය වශයෙන් මත්ද්‍රව්‍ය නිවාරණ කමිටු 15,000කට අධික සං්‍යාවක් අද වනවිට සාර්ථකව රට පුරා දියත් වේ. දිවයින පුරා මත්ද්‍රව්‍ය නිවාරණ තාක්ෂණික සහයකයින් 72,000ක සංචිතයත් මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් පෙළ ගැසී සිටිති.

තිරසර පාසල් වැඩසටහන යටතේ 6000 ඉක්මවු පාසල් සංඛ්‍යාවක මත්ද්‍රව්‍ය නිවාරණ කමිටු පිහිටුවා තිබේ. දිවයින පුරා 10,000කට අධික දහම්පාසල්වල කළ්‍යාණ මිත්‍ර සමාජ සාර්ථකව දියත් වේ. පළමු වතාවට මත්ද්‍රව්‍ය නිවාරණයට ත්‍රිවිධ හමුදාවේ පුළුල් දායකත්වයක් ලබා ගැනීමට ජනාධිපතිතුමා කටයුතු කර තිබෙන අතර මත්ද්‍රව්‍ය නිවාරණයට දායකවන සියලු නිලධාරින් අගයමින් ජනාධිපති සම්මාන පිළිගැන්වීමට ද කටයුතු කෙරිණි.

මත්ද්‍රව්‍ය නිවාරණ ක්‍රියාවලිය පිළිබඳ ජනතා විශ්වාසය තහවුරු කිරීම උදෙසා නඩු කටයුතු අවසන් කළ නීති විරෝධි මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 1695ක් ප්‍රසිද්ධියේ විනාශ කර තිබේ. 2015 වසරේ සිට 2019 වසර දක්වා අත්අඩංගුවට පත් විවිධ වර්ගවලට අයත් විෂ මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝ 24,818 යි ග්‍රෑම් 393, මිලිග්‍රෑම් 767කි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

චීනයෙන් දුම්වැටි ආනයනය නතර කරන බවට සහතිකයක්

නියම වූ මිලට ඉන්ධන අලෙවි නොකරන්නන්ට එරෙහිව දැඩි නීති

LPL சாம்பியனானது ஜப்னா ஸ்டேலியன்ஸ்