வகைப்படுத்தப்படாத

හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට වසර තුනක සිරදඬුවමක්

(UTV| කොළඹ) – අල්ලස් පනත යටතේ චෝදනාවකට වරදකරු වු හිටපු නියෝජ්‍ය පොලිස්පති හෙක්ටර් ධර්මසිරි මහතාට වසර 03 ක සිරදඬුවමක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (02) නියම කළේය

තවද ඔහුට රුපියල් ලක්ෂ 3 ක දඩයක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය විසින් නියම කර තිබේ.

ඔහු ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී සමයේ 2007 කාල වකවානුවේදී මාතලේ ඉදිකළ සිය නිවසේ වැඩට ග්‍රාමාරක්ෂකයන් 05 ක් හා කොස්තාපල්වරුන් දෙදෙනෙක් නීති විරෝධීව යොදා ගත්තැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම් සභාව ඔහුට එරෙහිව නඩු පවරා තිබුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ஹம்பாந்தோட்டை துறைமுக உடன்படிக்கையில் கிடைத்த வருமதிகள்

India building collapse: Dozens trapped in south Mumbai

உலகிலேயே அதிக அமைதி நிலவும் நாடாக ஐஸ்லாந்து…