ප්‍රමුඛ පුවත 1

වීසා නොමැතිව මෙරට රැඳී සිටින්නන්ට ඇ.ඩො 500ක දඩ මුදලක්

(UTV| කොළඹ) – ආගාමික හා විගාමික රෙගුලාසි සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වෙයි.

1948 අංක 20 දරන ආගාමික හා විගාමික පනතට අදාළ 1956 රෙගුලාසි සංශෝධිත කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීමටත් අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු හා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

මේ අනුව වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලියට අදාළව වර්තමානයේ පවතින වීසා වර්ග හා අය කරන ගාස්තු සංශෝධනය කෙරෙනු ඇත.

මේ තුළින් අයෝජකයින් දිරිගැන්වෙන වීසා ක්‍රමවේදයක් හඳුන්වා දීමටත්, සංචාරක වීසා සඳහා විවිධ රටවල්වලට අදාළව පවතින විෂම ගාස්තු ක්‍රමවේදය වෙනුවට ඒකීය ගාස්තු ක්‍රමවේදයක් හඳුන්වා දීමටත් හැකියාව ලැබේ.

එමෙන්ම වීසා නොමැතිව මෙරට රැඳී සිටින්නනට ඇමෙරිකානු ඩොලර් 500ක දඩ මුදලක් හඳුන්වා දීමටත් මේ තුළින් බලාපොරොත්තු වෙයි.

මීට අමතරව වීසා කාලසීමාව දීර්ඝ කිරීමටත්, ව්‍යාපාරික කටයුතු සඳහා නිකුත් කරන වීසා කාලසීමාව බහුවිධ ඇතුල් වීමේ පහසුකම් සහිතව නිකුත් කිරීමටත් අපේක්ෂා කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top