வகைப்படுத்தப்படாத

රැකියා විරහිත උපාධිධාරින් 16,800 කට පත්වීම් ලබාදීම හෙට

(UTV| කොළඹ) – රැකියා විරහිත උපාධිධාරින් 16, 800 කට අභ්‍යාසලාභී පුහුණු නිලධාරීන් ලෙස අලුතින් පත්වීම් ලබාදීමේ සමාරම්භක උත්සවය 2019 ජුලි 30 වැනිදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලිය ගහ මන්දිරයේ දී පැවැත්වීමට නියමිතය.

විපක්ෂයේ ඇතැමි පිරිස් සිය දේශපාලන අභිමතාර්ථ මුදුන් පමුණුවා ගැනීමේ අභිලාෂයෙන් විවිද වැරදි ප්‍රචාර ගෙන ගියත්, කිසිදු දේශපාලන මැදහත්වීමකින් තොරව, විනිවිදභාවයකින් උපාධිධාරීන්ට රැකියා ලබාදීමේ වැඩසටහන සිදුකරන බව රජය පවසයි.

එහි සමාරම්භය හෙට දිනයේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.

ඒහිදී සැලසුම්කළ පරිදි උපාධිධාරීන් 16,800 කට පත්වීම් ලබාදීමට නියමිතය.

අරලියගහ මන්දිරයෙ දී, කොටසකට ලබාදීමට නියමිතව ඇති අතර, සෙසු පත්වීම් දිප ව්‍යාපත්තව ලබාදීමට නියමිතව ඇත.

මෙම වැඩසටහන තුළ විපක්ෂය පවසන ලෙස බාහිර උපාධිධාරීන්ට අඩු සැලකිල්ලක් දක්වා නොමැති බව රජය සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

උසස් පෙළ පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර අද සිට අන්තර්ජාලයෙන්

பாடசாலைகள் மூடப்படவுள்ளன

තාවකාලිකව නවතා දැමු ඉන්දියාවේ දෙවන සඳ ගමන අද.