வகைப்படுத்தப்படாத

යාපනය විශ්වවිද්‍යාලයේ වව්නියාව මණ්ඩප‍යේ ගින්නක්

(UTV| කොළඹ) – වව්නියාව,පූවරසන්කුලම පිහිටි යාපනය විශ්වවිද්‍යාලයේ වව්නියාව මණ්ඩප‍යේ කළමණාකරන පීඨය පිහිටි ස්ථාපිත භූමියේ ඊයේ(28) සවස ගින්නක් හට ගෙන තිබේ.

වව්නියාව ප්‍රදේශයට පවතින දැඩි නියඟය හමුවේ අදාළ ප්‍රදේශයේ ගින්න හටගෙන ඇත.

විශ්වවිද්‍යාල භූමියේ අක්කරයකට ආසන්න ප්‍රමාණයක් ගිනිගෙන තිබේ.

පසුව වව්නියාව නගර සභා ගිනි නිවීමේ ඒකකය,පූවරසන්කුලම පොලිස් නිලධාරීන් හා විශ්වවිද්‍යාල ප්‍රජාවගේද දායකත්වය යටතේ ගින්න නිවා දමා ඇත.

ගින්නෙන් විශ්වවිද්‍යාල භූමියේ ගොඩනැඟිලි වෙත හානියක් සිදුනොවී ඇති අතර වෙනත් ප්‍රදේශයක තැබු ගින්නක් විශ්වවිද්‍යාල භූමිය වෙත පැතිරෙන්නට ඇති බව විශ්වවිද්‍යාල සේවකයින් පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

சூதாட்டத்தில் ஈடுபட்ட 8 பேர் கைது

1 killed as police clash with ‘Awa’ group members in Manipai

பள்ளத்தில் பேரூந்து கவிழ்ந்து விபத்து – 23 பேர் உயிரிழப்பு