வகைப்படுத்தப்படாத

මීගමුව මහ නගර සභාවේ විපක්ෂ නායක සැකපිට අත්අඩංගුවට

(UTV | කොළඹ) –  මීගමුව ආසනයේ එක්සත් ජාතික පක්ෂ හිටපු සංවිධායක සහ මීගමුව මහ නගර සභාවේ විපක්ෂ නායක රොයිස් විජිත ප්‍රනාන්දු කටාන පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් මීගමුව නගරයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

චීන ජාතික කාන්තාවකට අයත් නිවසකට ඇතුළු වී පුද්ගලයෙකුට පහර දී දේපළ කොල්ලකෑමක් සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ලකට සම්බන්ධව ඔහුව අත්අඩංගුවට ගත් බව ෙපාලිසිය පවසයි.

සිද්ධියට අදාළව මීට පෙර සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. සැකකරුව  හෙට (08) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

Related posts

எயார் – இந்தியா விமானம், 130 பயணிகளுடன் விபத்து…

தேசிய மாநாட்டை விரைவில் நடத்துமாறு – சிறீதரனுக்கு சுமந்திரன் கடிதம்

உலகில் அதிக வயதை கொண்ட பெண்மணி காலமானார்