ප්‍රමුඛ පුවත 1

බස් ගාස්තු අඩු වෙයිද?

(UTV| කොළඹ) – බස් සංගම් සහ ජාතික ගමනාගමන කොමිෂන් සභාව අතර සාකච්ඡාවක් අද පැවැත්වේ.

ඒ  අද (07) දහවල් 12ට එම කොමිෂන් සභාවේදීය.

එහිදී  පසුගියදා අඩුකෙරුණු ඩීසල් මිලට සාපේක්ෂව බස් ගාස්තු සංශෝදනය කිරීම කෙරෙහි අවධානය යොමු කරනු ඇත.

පසුගියදා ඩීසල් මිල  රුපියල් 07කින් අඩු කෙරුණු අතර ඒ අනුව බස් ගාස්තු සියයට 2කින් අඩුකිරිමට නියමිතය.

මෙම සාකච්ඡාවේදී ගනු ලබන තීරණය කැබිනට් මණ්ඩලයට දැනුම්දීමට කටයුතු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති එම්.ඒ.පී. හේමචන්ද්‍ර මහතා පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top