வகைப்படுத்தப்படாத

ධුර වලින් ඉවත්වූ මුස්ලිම් මන්ත්‍රීවරු අද යළි දිවුරුම් දීමට සුදානම්

(UTV| කොළඹ) – අමාත්‍ය ධූරවලින් ඉවත් වූ මුස්ලිම් මන්තී‍්‍රවරුන් යළි අමාත්‍යධූර භාර ගැනීමට තීරණය කර තිබේ.

ඒ අනුව අද (29) පස්වරුවේ අදාළ මන්ත්‍රිවරුන් යළි අමාත්‍ය ධූරවල දිවුරුම් දීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

මුස්ලිම් මන්ත්‍රීවරුන් අද (29) පෙරවරුවේ අමාත්‍ය වජිර අබේවර්ධන මහතා හමුවී සාකච්ඡාවක් පවත්වා තිබේ.

කල්මුණේහි ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ නිර්ණය කර ඇති ආකාරය සම්බන්ධයෙන් මුස්ලිම් මහජන නියෝජිතයින් පසුගියදා ප්‍රශ්න නැගූ අතර  අද පෙරවරුවේ පැවැති සාකච්ඡාවේදී  ඊට අදාළව එකඟතාවක් ඇතිවී තිබෙන බවයි දේශපාලන ආරංචි වැඩිදුරටත් පැවසුවේය.

තනතුරු අත්හල මුස්ලිම් අමාත්‍යවරුන්ගේ යළි දිවුරුම් දීම ඒ අනුව සිදුවනු ඇතැයි ද වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

கிண்ணியாவில் கஞ்சா கலந்த மதனமோதக லேகியத்துடன் ஒருவர் கைது

மிரியானை அறநெறி பாடசாலை மாணவர்களுக்கு பாடசாலை உபகரணங்கள்

SC appoints Judge Bench to consider petitions against Pujith, Hemasiri