வகைப்படுத்தப்படாத

දිවයින හරහා සුලං තත්ත්වයේ තරමක අඩු වීමක්

(UTV| කොළඹ) – දිවයින හරහා සහ දිවයින වටා මුහුදු ප්‍රදේශවල දැනට පවතින තද සුලං තත්ත්වයේ තරමක අඩු වීමක් ජුලි මස 24 දින සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

සබරගමුව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි ඇතිවන අතර ඇතැම් ස්ථාන වලට මි.මී. 50 ක පමණ තරමක තද වර්ෂාපතනයක් ඇති විය හැක.

තවද, දිවයිනේ සෙසු ප්‍රදේශ වල වැසි වාර කිකිපයක් ඇතිවේ.

බස්නාහිර, දකුණු, මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත්වල විටින් විට හමන පැ.කි.මී. (40-50)පමණ දක්වාවන තරමක තද සුළං ඇති විය හැකි බව  කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි .

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

காட்டுத்தீயில் சிக்கி 24 தீயணைப்பு வீரர்கள் உயிரிழப்பு…

Eight trains cancelled due to maintenance work

දෙවන තරඟයෙන්ද ශ්‍රී ලංකාවට කඩුලු 7ක ජයක්