வகைப்படுத்தப்படாத

ඛනිජ තෙල් සංස්ථාවත් සමග ලංවිම කිසිම අර්බුදයක් නැහැ – විදුලිබල ඇමති කියයි

(UTV| කොළඹ) – “ඛනිජ තෙල් සංස්ථාවත් සමග ලංවිම කිසිම අර්බුදයක් නැහැ. එකම දේ තමයි ඔවුන් අපි කියන දේ කරන්නේ නැති එක. මේ රටේ අහිංසක පුද්ගලයින්ට යම් පොරොන්දුවක් දුන්නානම්, අපි ඒ දේ මොන ආකාරයෙන් හෝ ඉෂ්ට කළ යුතුයි. ඒකට අපි බැදී සිටිනවා”යැයි විදුලිබල,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක‍ මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ, අද (02) පෙරවරුවේ කොළඹ 14, බණ්ඩාරණායක මාවතේ පිහිටි එ.ජා.ප. කාර්යාලයේ පැවති අඩුආදායම්ලාභී පිරිස් වෙත පරිගණක ලබාදීමේ අවස්ථාවකට සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“මේ ගැටළුව සම්බන්ධයෙන් ජනතාවට ලිඛිතව පොරොන්දු වූ දෙයක් තිබෙනවා. අන්න ඒ දේ ඉටු කළ යුතුයි. අහිංසක ජනතාව පීඩාවට පත්කරන්න නම් මම ඉඩ තියන්නේ නැහැ. මේ පිරිස් සුඛෝපභෝගි  මාලිගාවල ඉන්න පිරිසක් නොවෙයි. කුමාර වෙල්ගම ඇමතිතුමාටයි, අර්ජුන රණතුංග මැතිතුමාටයි මම ස්තුති කරනවා, මේ පිරිස කෙරෙහි මානුෂීය ආකාරයෙන් සිතලා, ඔවුන්ට ලිඛිතව පොරොන්දුවක් ලාබදීම පිළිබදව”.

“මේ සිංහල බෞද්ධ රට බෞද්ධ රටක් නෙමෙයි කියන අබෞද්ධයෝ තවත් අබෞද්ධ වැඩ කරන පිරිස් ජනාධිපතිවරණයට නම් කරන්න හදනවානම්, එක්සත් ජාතික පක්ෂය ඒවගේ දේවල් අනුමත කරන්නේ නැහැ. අපේ පක්ෂයේ විනයක් තිබෙනවා. නොයෙක් කල්ලි වලට අපේ පක්ෂයේ ඉඩක් නැහැ. පක්ෂයේ එකමුතුභාවය නැති කරන්න දෙන්නේ නැහැ. අද  යම් අය කශේරුවක් නැති තත්ත්වයට පත් වෙලා. මෙතෙක් කලක් රැකගෙන ආව එක්සත් ජාතික පක්ෂය , එක්කෙනෙක්ගෙ දෙන්නේක්ගේ බූදලයක් බවට පත්කරන්න දෙන්නේ නැහැ”.

“රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් අපි ක්‍රියාත්මක වනවා. මේක හරියාකාරව කරන්න අපි බැදී සිටිනවා. නමුත් ජාතික ආරක්ෂාව කියන්නේ මාධ්‍ය සංදර්ශනයක් නෙවෙයි. කෲර ක්‍රියා තුලින් මුළු රටම දනගස්වලා තිබෙන අවස්ථාවක, ඒ අභාග්‍යසම්පන්න තත්ත්වයෙන් එළියට ඒමයි අපි කල යුත්තේ. මේක දවසකින් දෙකකින් කරන්න පුළුවන් දෙය්ක නෙමෙයි. මේ රට ආරක්ෂා කිරීම අපි සතු වගකීමක් “යැයි පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ரயில் பாதையில் செல்லுதல் தண்டனைக்குரியது- முற்றுகை நடவடிக்கை ஆரம்பம்

நீடிக்கும் வௌ்ள அபாய எச்சரிகை!

நூலகத்தில் இந்த காமுகன் செய்த வேலையை பாருங்கள்!