வகைப்படுத்தப்படாத

වසීම් තාජුඩීන් ඝාතනයේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය ඔක්තෝබර්යේදී.

(UTV| කොළඹ) – වසීම් තාජුඩීන් ඝාතන සිද්ධියේ සාක්ෂි වසන් කල බවට හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය ලබන ඔක්තෝබර් 23 වනදා ආරම්භ කිරීමට කොළඹ මහාධිකරණය අද (30) නියම කළේය.

විත්තියේ නීතීඥවරුන්ට ලබාදිය යුතු ලේඛන කිහිපයක් සතියක් ඇතුළත ලබාදීමට පියවර ගන්නා ලෙසටත් අධිකරණය නීතිපතිවරයාට අද දැනුම් දුන්නේය.

විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ තම සේවාදායකයා මේ දක්වා කිසිදු ඇප කොන්දේසියක් කඩ කර නොමැති බවයි.

මේ හේතුවෙන් ඇප ලබා දීමේදී සෑම සතියකම ඉරු දින රහස් පොලීසිය වෙත වාර්තා කළ යුතු බවට අධිකරණය විසින් පනවනු ලැබූ ඇප කොන්දේසිය ලිහිල් කරන මෙන් ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම පිළිගත් විනිසුරුවරයා සෑම සතියකම ඉරිදා රහස් පොලිසිය වෙත වාර්තා කළ යුතු බවට නිකුත් කරනු ලැබූ ඇප කොන්දේසිය සෑම මසකම අවසන් ඉරිදා පමණක් රහස් පොලිසිය වෙත වාර්තා කිරීම ප්‍රමාණවත් බවට සංශෝධනය කරනු ලැබුවේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

சைட்டம் நிறுவனத்திற்கு எதிராக தேங்காய் உடைப்பு!

இந்திய மீனவர்கள் 3 பேர் விடுதலை

வங்கக்கடலில் குறைந்த காற்றழுத்த தாழ்வு பகுதி காற்றழுத்த தாழ்வு மண்டலமாக வலுப்பெறுகிறது