UTV News

[bsa_pro_ad_space id=1]

පුවත්

ඔසාමා බින් ලාඩන්ගේ පුත්‍රයා මිය ගිය බව තහවුරු වේ

ඔසාමා බින් ලාඩන්ගේ පුත්‍රයා මිය ගිය බව තහවුරු වේ
September 15
21:15 2019

 

(UTV-කොළඹ) – ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අල්කයිඩා ත්‍රස්ත සංවිධානය යළි ගොඩනැංවීමේ නිරතව සිටි ඔසාමා බින් ලාඩන්ගේ පුත්‍රයෙකු වන හම්සා බින් ලාඩන් ගුවන් ප්‍රහාරයකින් මියගිය බව තහවුරු කර ඇත.

ජනපති ට්‍රම්ප් සඳහන් කරනුයේ ඇෆ්ගනිස්ථානය සහ පාකිස්ථානය අතර දේශසීමා ප්‍රදේශයේ ත්‍රස්ත මර්දන මෙහෙයුමකදී ඔහු එලෙසින් මියගිය අතර එම මෙහෙයුමට ඇමරිකානු හමුදා සම්බන්ධ වූ බවයි.

ඔත්තු සේවා උපුටා දක්වමින් ඇමරිකානු මාධ්‍ය හම්සා බින් ලාඩන්ගේ මරණය වාර්තා කර තිබූනද ජනපති ට්‍රම්ප් සහ පරිපාලනයේ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් ඒ බව මෙතෙක් තහවුරු කර තිබුණේ නැහැ.

හම්සා බින් ලාඩන්ගේ මරණය ධවල මන්දිරය ඊයේ(14) නිකුත් කළ නිවේදනයක් මගින් ජනපති ට්‍රම්ප් තහවුරු කර ඇති අතර, එය එම සංවිධානයට එරෙහි මෙහෙයුම්වල ජයග්‍රහණයක් ලෙස හඳුන්වා ඇත.

ජිහාඩ් හෙවත් ශුද්ධ යුද්ධයේ කුමාරයා ලෙසද ඇතැමුන් හම්සා බින් ලාඩන් ඇතමුන් හඳුන්වනු ලබයි.

රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න. UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Related Articles

0 Comments

No Comments Yet!

There are no comments at the moment, do you want to add one?

Write a comment

Write a Comment

View All Sports News

View All Business News

View All International News

View All Entertainment News

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •