UTV News

[bsa_pro_ad_space id=1]

පුවත්

පාදෙණියට එරෙහි නඩුව නව විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනේ

පාදෙණියට එරෙහි නඩුව නව විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනේ
June 14
11:20 2019

(UTV| කොළඹ) – අධිකරණයට අපහාස කළේයැයි චෝදනා කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල විභාග කිරීම සඳහා නව විනිසුරු මඬුල්ලක් පත් කෙරේ.

ඒ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා විසිනි.

එම පැමිණිල්ල අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ ලැබුවේය.

එහිදී අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා සඳහන් කළේ මෙම පැමිණිල්ල විභාග කිරීම සඳහා ශිරාන් ගුණරත්න සහ මහින්ද සමයවර්ධන යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල පත්කර ඇති බවයි.

එම විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම ලබන 21 වනදා කැඳවන බවද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා නියෝග කළේය.

පුරවැසි බලය සංවිධානය කැදවුම්කරුවන් වන මහාචාර්ය සරත් විජේසුරිය සහ ගාමිණී වියන්ගොඩ යන මහත්වරු විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත්කර තිබුණි.

පැමිණිලිකරුවන් කියා සිටින්නේ 2017 වසරේ අප්‍රේල් මස කොළඹ පැවති මහජන රැස්වීමක දී අදහස් දැක්වූ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පිළිබඳව අභියාචනාධිකරණය මඟින් ප්‍රකාශයට පත්කරන ලද නඩු තීන්දුවක් දැඩි ලෙස විවේචනය කරමින් කරුණු ඉදිරිපත් කළ බවයි.

ඒ තුළින් වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලමින් මෙම පැමිණිල්ල අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

 රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න. UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට  යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක 

Related Articles

0 Comments

No Comments Yet!

There are no comments at the moment, do you want to add one?

Write a comment

Write a Comment

View All Sports News

View All Business News

View All International News

View All Entertainment News

error: Content is protected !!